minister

ඈත අතීතයේ මෙන්ම වර්තමානයේද අප වෙසෙන ලෝකය එකිනෙකා හා අතර  තරග වැදීකරන්නා වූ යුද්ධාදියෙන් තොර නොවුවත් ඒ හා සමගම අප දියුණුව කරාද පියනගා ඇති බව පෙනේ. විද්‍යාත්මක සොයාගැනීම් වලින් පමණක් නොව කලාවේ දියුණුව අතින්ද අපි එසේම ඉහල තලයක් කරා පියනගා ඇත්තෙමු. මිනිසා තුල නිසර්ගයෙන් හට ගන්නා විවිධ චෛතසික ස්වභාවයන් හැඟීම් හෝ භාවයන් ප්‍රකාශයට පත්කර ඉදිරිපත් කිරීම කලාව යනුවෙන් හදුන්වනු ලබයි.මෙසේ හටගන්නා චෛතසික කැළඹිලි වලින් එතෙර වීම සඳහා ඔහු එම කැළඹිල්ල පාලමක් කර ගනිමින් ගීතය,චිත්‍රය, නර්තනය, නාට්‍යය, සිනමාව  වැනි කිසියම් කලා මාධ්‍යයක් උපයෝගී කර ගනිමින් එකී කැළශිල්ල පිටාර ගලා යාමට ඉඩ හරි.මෙම කලාව අපි නිර්මාණ කලාව නමින් හඳුන්වන අතර එය සිදුකරන තැනැත්තා නිර්මාණකරුවා නොහොත් කලාකරුවා නමින් හඳුන්වනු ලැබේ.

කලාකරුවා තමන් විසින් නිර්මාණය කරන ලද කලා නිර්මාණ පොදු ජනතාව වෙත ඉදිරිපත් කිරීම මඟින් ඔහු පොදු ජන වහරේ ප්‍රසිද්ධියටත්, ගෞරවයටත් පාත්‍ර වන අතර කලා කරුවා යනු සුවීශේෂී පුද්ගලයෙක් බවට පත්වේ. ඇහෙන් මෙවැනි සුවිශේෂී පුද්ගලයින් වෙනුවෙන් අනුග්‍රහය ලබාදෙනු සඳහා පිහිටුවන ආයතනයක් ලෙස වර්තමානයේ බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය බාරේ ක්‍රියාත්මක වන බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය හැඳින්විය හැක.

නාට්‍ය හා රංග කලාව, සංගීතය, නර්තනය, සිනමාව හා දෘශ්‍ය කලා මාධ්‍යයයන් ඔස්සේ දස්කම් දක්වන කලාකරුවන් හට ඔවුන්ගේ නිර්මාණ සිදුකරගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දීම, විවිධ පාඨමාලා පවත්වමින් දක්ෂතා වලින් හෙබි තරුණ තරුණියන් හට කලා ලෝකයට ඇතුළු වීමට දොරගුළු විවෘත කරදීම බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ ප්‍රධාන අරමුණ වේ.

බස්නාහිර පලාතට ඇති විශාල සම්පතක් වන බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය සඳහා විශාල ඉල්ලුමක් ඇතිකරලීම සඳහා සේවාලාභි ආකර්ෂණය උදෙසා සෞන්දර්ය නිකේතනයේ පහසුකම් සංවර්ධනය කර ඇති අතර නිල වෙබ් අඩවියක් නිර්මාණය කිරීම මඟින් මෙහි පහසුකම් ප්‍රචාරණය සඳහා දායකත්වයක් ලබාගත හැකිය. තවද ජාත්‍යන්තරය වෙත සෞන්දර්ය නිකේතනය ගෙනයාමටද මෙය අවස්තාවක් වනු ඇත.

බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ ඉදිරිය සඳහා මා සුභාශිංසන ප්‍රාර්ථනා කරන අතර අවශ්‍ය ඕනෑම අවස්තාවක මාගේ නොමද සහයෝගය ලබාදීමට පොරොන්දු වෙමින් , අප අමාත්‍යාංශයේ කටයුතු සාර්ථකව ඉටු කිරීම සඳහා මා හට මඟ පෙන්වූ ගෞරවනීය මහා සංඝරත්නයටත්හා පුජකතුමන්ලාටත්, අතිගරු ජනාධිපති තුමාටත්, ගරු, පළාත් ආණ්ඩුකාර තුමාටත්, ගරු ප්‍රධාන අමාත්‍ය තුමා ප්‍රමුඛ පළාත් අමාත්‍ය මණ්ඩලයටත්, බස්නාහිර පළාත් සභාවේ පක්ෂ, විපක්ෂ සියලු ගරු මන්ත්‍රීවරුන්ටත්, ප්‍රධාන ලේකම්තුමිය සහ අප අමාත්‍යාංශයේ ලේකම් තුමා ඇතුළු නිලධාරී මඩුල්ලටත්,බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ සභාපති,අධ්‍යක්ෂ ඇතුළු සේවක මහත්ම මහත්මීන්ටත්,මාගේ හදපිරි ප්‍රණාමය පුදකර සිටිමි.

රන්ජිත් සෝමවංශ,

අමාත්‍යය,

අධ්‍යාපන, සංස්කෘතික හා කළා කටයුතු,ක්‍රීඩා හා යෞවන කටයුතු ,තොරතුරු තාක්ෂණ කටයුතු,

බස්නාහිර පළාත.