නාට්‍ය ශිල්පීන් සඳහා සකස් කරන ලද විශේෂිත ශාලා ගාස්තු

සෞන්දර්ය නිකේතනයේ මුලික අරමුණක් වන නාට්‍ය කලාව දිරිගැන්වීමේ එක් පියවරක් වශයෙන් වේදිකා නාට්‍ය නිර්මාණකරුවන් සඳහා ඔවුන්ගේ පුහුණුවීම්, නාට්‍ය ප්‍රදර්ශන සඳහා විශේෂිත වූ ශාලාගාස්තු අයකිරීමේ ක්‍රමයක් වර්තමානයේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය මඟින් හඳුන්වාදී ඇත.