නර්තන සේවා

දේශීය මෙන්ම විදේශයන්හිදීද, සිය කුසලතා මනාව ප්‍රකට කොට ඇති බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන නර්තන කණ්ඩායම දේශීය නර්තන කලාව ප්‍රවර්ධනය කිරීම සඳහා මහඟු දායකත්වයක් සපයයි. පිළිගැනීමේ උත්සව, පූජා නැටුම්, නාග රාක්ෂ ගුරුළු රාක්ෂ, වෙස් නැටුම්, පහතරට සුරඹා වල්ලිය, තෙල්මේ, පතුරු ජන නර්තනය, වඩිගපටුණ, හා බෙර සංධ්වනිය, සිංහල ගීතයන්ට අනුව නැටුම්, පන්දම් පද හා උඩරට, පහතරට, සබරගමු, හා වෙනත් විශේෂිත අංග ඇතුලත් නර්තන ඉදිරිපත් කිරීම සහ සංගීත සංදර්ශන සඳහා මනා ප්‍රාගුණ්‍යය හිමි නර්තන කණ්ඩායමේ හැකියාවන් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කිරීමට අපි සැදී පැහැදී සිටින්නෙමු.