ප්‍රධාන රංග ශාලාව

වායු සමනය කර ඇති ප්‍රධාන රංග ශාලාව ආසන 472 කින් සමන්විතය.ප්‍රධාන වශයෙන් වේදිකා නාට්‍ය ප්‍රදර්ශනය සඳහා නිර්මාණය කර ඇති මෙම ප්‍රධාන ශාලාව චිත්‍රපට දර්ශන ,සංගීත ප්‍රසංග,ත්‍යාග ප්‍රධානොත්සව, විවිධ වැඩමුළු හා සම්මන්ත්‍රණ සඳහාද,භාවිතා කල හැකිවන අයුරින් නිර්මාණය කර ඇත. මෙම ශාලාව රංගාවලෝක පද්ධතියක්, ශබ්දවාහිනී පද්ධතියක්, සියළු පහසුකම් වලින් සපිරි නේපත්‍යාගාර 04 කින් හා මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් පහසුකම් ආදියෙන් පොහොසත්ය. ඕනෑම වැඩසටහනක් ඔබගේ සිතැඟි පරිදි සංවිධානය කරගැනීම සඳහා අවශ්‍ය පරිසරය සකස් කර දීම අපගේ ප්‍රධාන අරමුණයි.

ආසන සටහන