හැඳින්වීම

ජාතික නාට්‍ය හා කලා රංගායතනය (NADA)

මෙරටේ කලාකරුවන්ට විශාල අඩුපාඩුවක්ව පැවති නාට්‍ය පුහුණුවීම සඳහා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට පිණිස ජාතික නාට්‍ය හා කලා රංගායතනය පිහිටුවීම සඳහා 2003 වර්ෂයේ පෙබරවාරි මාසයේ රජයේ භූමිභාගයක් ලබා ගෙන එයට මුල්ගල තබන ලදී. මෙම ආයතනයේ මුලික අරමුණ වන්නේ නාට්‍ය කලාව ඉගැන්වීම, නාට්‍ය පුහුණුව සඳහා ඉඩකඩ ලබාදීම, සංගීත ශිල්පින්, සිනමා ශිල්පින් පුහුණු කිරීම සඳහා යොදා ගැනීමය. මෙම කර්මාන්තයට සඳහා ජාතික වශයෙන් පුළුල් ආයතනයක් නොමැතිවීම මෙම අංශයන්ගේ දියුණුවට ඉමහත් බාධාවක් බව නිසා මෙම ආයතනය ආරම්භ කිරීමට කටයුතු කර ඇත.

මෙම මධ්‍යස්ථානයේ පාලනය ස්වාධින කමිටුවක් මාර්ගයෙන් කිරීමටත්, එම කමිටුව පළාත් සභාවෙන් පත් කල නියෝජිතයන්ගෙන් සහ ජනාධිපති විසින් පත් කල නියෝජිතයකු මාර්ගයෙන් සකස්විය යුතු බව අදහස් කරන ලදී. මෙවැනි ආයතනයක් පවත්වාගෙන යෑම ජාතික මට්ටමින් සිදුවිය යුතු බවත් මෙරටේ මේ වනවිට සංස්කෘතික කේන්ද්‍රයක්, රංග කලා ආයතනයක් ,ප්‍රසාංගික කලා පාසලක් ද නොමැති බැවින් මෙම මධ්‍යස්ථානයෙන් මෙකි අංශ තුනම සඳහාම පහසුකම් සහිතව ගොඩනැගිලි සකස්විය යුතු බව පෙන්වාදී ඇත. ඒ අනුව පන්ති කාමර,පුස්තකාල පහසුකම්, ප්‍රධාන රංග ශාලාව හා එළිමහන් රංග පීඨයක් ද , ප්‍රධාන හා කුඩා රංග ශාලා විවෘත රංග ශාලා ලෙස සකස් කිරීමට කටයුතු කර ඇත.මෙම මධ්‍යස්ථානයේ කුඩා කණ්ඩායම් තුනකට හා විශාල කණ්ඩායම් දෙකකට පුහුණුවීම සඳහා ඉඩකඩ වෙන් කිරීමත් , එම ඉඩකඩ ලබා දීම වෙනුවෙන් සාධාරණ මුදලක් අයකිරීම සුදුසු බව සදහන් කර ඇත. රංග ශාලාව සම්බන්ධයෙන්,සැලසුම් නිර්මාණ ශිල්පී නවින් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් සහ අධ්‍යාපන ආයතනය සම්බන්ධයෙන් කමිටුවක් පත් කරන ලදී.

බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය

ජාතික නාට්‍ය හා කලා රංගායතනය (NADA) ලෙස ආරම්භ කල ආයතනය 2008 වර්ෂයේ දෙසැම්බර් මස 04 දින බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය ලෙස ප්‍රධාන අමාත්‍යතුමන් යටතට අයත් ආයතනයක් වශයෙන් ජනතා අයිතියට පත්කරන ලද අතර 2010-03-23 දින සිට 2010 අංක 02 දරණ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය පාලන අධිකාරී ප්‍රඥප්තිය අනුව බස්නාහිර පළාතේ පළාත් සභාවේ ප්‍රවාහන ,ක්‍රීඩා හා තරුණ කටයුතු,සංස්කෘතික හා කලා කටයුතු,සමුපකාර සංවර්ධන,ආහාර සැපයීම් හා බෙදා හැරීම් සහ ග්‍රාම සංවර්ධන කටයුතු පිලිබඳ අමාත්‍යාංශයට අයත් අධිකාරියක් බවට පත් කරන ලදී.

අංක 1859/66සහ 2014 අප්‍රේල් මස 25 වැනි දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මගින් බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය බස්නාහිර පළාත් කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, සුළු වාරිමාර්ග,කර්මාන්ත,පරිසර සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයට අයත් අධිකාරියක් ලෙස නම් කරන ලදී. 2014/05/19 සිට කැබිනට් සංදේශයක් මගින් බස්නාහිර පළාත් සංස්කෘතික නිකේතනය ලෙස නාමය වෙනස් කිරීම සඳහා අනුමැතිය ලබා දී තිබු නමුත් එම යෝජනාව ඉවත් කර ගැනීම නිසා 2015/07/01 දින සිට නැවත බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය ලෙස භාවිතා කරනු ලබන අතර 2015 සැප්තැම්බර් මස 18 සිට බස්නාහිර පළාත් අධ්‍යාපන,සංස්කෘතික හා කලා කටයුතු ,ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණ පිළිබඳ අමාත්‍යාංශයට අයත් අධිකාරියක් බවට පත් කරන ලදී.

දැක්ම

ස්වයං විනයෙන්, හික්මීමෙන්, සහජ හැකියාවන් ප්‍රගුණ කර, ජාත්‍යන්තරය ජයගත් කලාකාමී ප්‍රජාවක්

මෙහෙවර

බස්නාහිර පළාතේ ප්‍රජාව කේන්ද්‍ර කර ගනිමින් කලා හැකියාවන් ඔප් නැංවීම සඳහා අවශ්‍ය වන භෞතික, මානව හා මූල්‍යමය සම්පත් ‍යොදවමින්, ඔවුන‍ගේ ජීවන මට්ටම ඉහළ නංවමින් ජාත්‍යන්තරයට හදුන්වා දෙමින් දේශීය සංස්කෘතික අවශ්‍යතාවය රැක ගැනීම.

පාලන අධිකාරිය හා එහි ස්වභාවය

  1. නිල බලයෙන් පත් කරනු ලබන සාමාජිකයින් දෙදෙනෙකුගෙන්, එනම්
    • බස්නාහිර පළාත් සභාවේ සංස්කෘතික විෂය භාර අමාත්‍යංශයේ ලේකම් හෝ ඔහු විසින් නම් කරනු ලබන එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්.
    • මුදල් විෂය භාර අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව පත්කරනු ලබන පළාත් භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරියෙකු.
  2. බස්නාහිර පළාත් සංස්කෘතික විෂයය භාර අමාත්‍යවරයා විසින් පත්කරනු ලබන සාමාජිකයින්
    • නාට්‍ය, සංගීතයව නර්තනය හෝ සිනමා යන ක්ෂේස්ත්‍රයක හෝ ක්ෂේස්ත්‍රවල පෘථුල පළපුරුද්දක් හා නිපුනත්වයක් ලබා ඇත්තාවූ තැනැත්තන් අතරින් පත් කරගනු ලබන සාමාජිකයින් තිදෙනෙකු.
    • බස්නාහිර පළාත් සභාවේ සංස්කෘතික විෂයය භාර අමාත්‍යතුමන් විසින් පත්කරනු ලබන සාමාජිකයින් අතරින් එක් අයෙකු එකී පාලන අධිකාරියේ සභාපතිවරයා වන්නේය.

ඒ අනුව, බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන පාලන අධිකාරිය පහත පරිදි වේ

  1. ශ්‍රියන්ත මෙන්ඩිස් මයා – සභාපති
  2. එම්. ඩබ්. එස්. කුරේ  – සාමාජික (අධ්‍යක්ෂක අයවැය – බස්නාහිර පළාත)
  3. පි. කනිෂ්ක ශ්‍රීලාල් මයා – සාමාජික (සහකාර ලේකම්, සංස්කෘතිකඅමාත්‍යාංශය – බස්නාහිර පළාත)
  4. ජගත් වික්‍රමසිංහ මයා – සාමාජික
  5. එස්. එම්. ප්‍රියමාල් ඩී. සමරතුංග මයා – සාමාජික
  6. ජී. එන්. ඩී. සල්පිටිකෝරාළ මිය (අධ්‍යක්ෂක, බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය)

බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ කාර්ය මණ්ඩලය

සභාපති
ශ්‍රියන්ත මෙන්ඩිස් මයා

අධ්‍යක්ෂ
නිරෝෂා සල්පිටිකොරාළ මිය
(කලමනාකරණවේදී (විශේෂ) මානව සම්පත් කළමනාකරණය, පශ්චාත් උපාධිය (ආර්ථික විද්‍යාව) , සහතිකලත් ව්‍යාපාර ගණකාධිකාරී (ICASA), අන්තර් මාධ්‍ය (CMA)

සංගීත අංශ ප්‍රධානී
හස්මින් ගුණසේකර මයා
(ප්‍රාසාංගික කලාවේදී (විශේෂ) බටහිර සංගීතය (සෞන්දර්ය කළා විශ්ව විද්‍යාලය),
Grade 5, 6, 7 හා 8(ක්ලැසිකල් ගිටාර්) ට්‍රිනිටි කොලේජ් (ලන්ඩන් ), සංගීත විශාරද (ලක්නව් )

නර්තන අංශ ප්‍රධානී

මුල්‍ය සහකාර
හර්ෂා මධුශානි මිය
උසස් ජාතික ඩිප්ලෝමා ( ගිණුම්කරණය) (SLIATE)

කළමනාකරණ සහකාර
ප්‍රියංගිකා දිල්රුක්ෂි මිය

කළමනාකරණ සහකාර
කසුන් විජේවර්ධන මයා

කාර්මික ශිල්පී
සඳුන් ප්‍රියංකර බෙත්මගේ මයා

කාර්යාල කාර්ය සහයක
එම්.ඩී. ප්‍රියන්ත මයා